මේ ක්‍රමය සමහර විට කියවන ඔබ දන්නවත් ඇති. ඒත් නොදන්නා කාට හෝ වැදගත් වෙතැයි ලියා මෙය ලියනවා. ඔයාලා දන්නවා මේ අන්තර්ජාලයේ විවිධ වර්ගයේ වෙබ් අඩවි තියනවා. මේ වෙබ් අඩවි අතරින් සමහර ඒවා කියවීමට හා නැරඹීමට නුසුදුසු ඝණයේ ඒවා(විශේෂයෙන් වයසින් බාල අයට). ඉතින් මේ වෙබ් අඩවි අපේ බ්රවුසර් (Browser) එකේ බ්ලොක් කරන්න ක්‍රම ගොඩක් තියනවා, බ්රවුසර් ප්ලගින්ස් (Firefox නම් Add-ons) වගේ ඒවා වලින්. මං මේ කියන්නේ වින්ඩෝස් වලින්ම වෙබ් site බ්ලොක් කරන්න පුළුවන් ක්‍රමයක් ගැන.