Showing posts with label බ්ලොගර්. Show all posts
Showing posts with label බ්ලොගර්. Show all posts

Sep 10, 2009

HTML/XML කොහොමද බ්ලොග් ලිපිවල ලියන්නේ?

බ්ලොග් එකේ ලිපි එහම ලියන කොට ඔයාලට සමහර විට HTML, XML එහම පාවිච්චි කරන්න වෙනවා නේද? එතකොට ඔයාලා ඒ codes එහමම ලිව්වොත් ඒ codes වෙනුවට ඒකේ output එක පෙනෙනවා නේද?
මෙන්න මේ වගේ (උදාහරණයක්):-

Malaka Rathnayaka

http://www.malakarm.blogspot.com

 

HTML code එක තමයි මේ:-
<html>
<head><title></title></head>
<body>
<h4>Malaka Rathnayaka</h4>
<h4>http://www.malakarm.blogspot.com</h4>
<body></html>

Sep 8, 2009

බ්ලොග් ලිපි ආරක්ෂා කරගැනීමට ක්‍රමයක්

මට හම්බවුනා පොඩි free software කෑල්ලක් (මෘදුකාංගයක්). බ්ලොග් (බ්ලොගර් වලින් - blogger) එහම ලියන අයට ඔයාලගේ බ්ලොග් එකේ තියන ලිපි (blog posts) ගොඩක් වටිනවා නේද? මෙන්න ඔයාලගේ බ්ලොග් ලිපි ආරක්ෂා කරගන්න පුළුවන් පොඩි මෘදුකාංගයක්. මේ මෘදුකාංගය මගින් බ්ලොග් ලිපි සියල්ලම ඔයාලගේම පරිගණකයේ save කරගන්න පුළුවන්. සියළුම බ්ලොග් ලිපි වෙන වෙනම XML files විදිහට save කරනවා. software එක ස්ථාපනය කරලා වැඩ කරන විදිහට හරි ගස්සගන්න හැටි මං දැන් කියන්නම්.

ස්ථාපනය කළාට පස්සේ ඒක open කරගන්න, ඊටපස්සේ ඔය උඩ තියන window එක එනවා. [Add/Update/Remove Blogs] කියන එක ඩබල් ක්ලික් කරලා බ්ලොග් එක add කරගන්න. ඊටපස්සේ ඔය යටින් තියන window එක එනවා.

මෙතනදි ඔයාලට පුළුවන් ලිපි save කරන්න ඕන තැන (path) දෙන්න. අවශ්‍ය කරන කමෙන්ට්ස්, ලිපි ප්‍රමාණය තෝරලා දෙන්න පුළුවන්.
දැන් 'Backup Posts' ක්ලික් කරන්න. වැඩේ ගොඩ....
අවශ්‍ය නම් මෙතනින් බාගන්න (Blogger Backup Utility)

Sep 6, 2009

Nave Bar එක අයින් කරන්න ක්‍රමයක්

බ්ලොග් එකේ (blogspot) Nave bar එක අයින් කර ගන්න ඔබටත් අවශ්‍යද? සමහර වේලාවට ඒක කැතයි කියලා හිතෙනවා නේද, (හැබැයි එක තියෙන එකේ වාසිත් තියනවා). මේ Nave bar එක අයින් කරන්න ක්‍රම ගොඩක් තියනවා. මේක එක ක්‍රමයක්, කරන්න තියෙන්නේ මෙච්චරයි පොඩි CSS code කෑල්ලක් HTML page එකට එකතු කරන්න තියෙන්නේ. මුලින්ම බ්ලොග් එකට ගිහිල්ලා 'Edit HTML' යන්න (Layout -> Edit HTML). ඊටපස්සේ මෙනන මේ පල්ලෙහා තියන CSS code එක HTML page එකේ උඩින්ම දාන්න.

#navbar-iframe {
display: none !important;
}


දැන් Save කරන්න එච්චරයි.
මෙන්න මං දාපු තැන