Jul 11, 2010

10MB ට වඩා ඇටෑච්මන්ට්ස් සමග ඊමේල් යවමු


ආයුබෝවන්! ගොඩක් දවසකින් බ්ලොග් එක ලියන්න පටන් ගත්තෙ නිසා ඔන්න දැන් එක දිගටම ලියනවා. අද කියන්නේ ඊ මේල් කතන්දරයක්. ඔයාලා දන්නවා ඉස්සර අපිට ඊමේල් එකක් එක්ක එකතු කරලා ඒ කිව්වේ ඇටෑච්(Attach) කරලා යවන්න පුළුවන් උපරිම ෆයිල් සයිස් එක 10MBනේ. අද වෙනකොට අන්තර්ජාලයේ නොමිලේ සේවා සපයන්නන් අතර(Hotmail, Yahoo, Gmail වගේ) ලොකු තරගයක් ඇති වෙලානේ තියෙන්නේ. හැම සේවා සපයන්නෙක්ම බලන්නේ අළුත් දෙයක් මිනිස්සුන්ට දීලා තමන්ගේ සයිට් එකට ඇඳලා ගන්න. ඔන්න ඒ නිසා ඔය ඊ මේල් එක්ක 10MBට වඩා වැඩි ධාරිතාවක් සහිත ඈටෑච්මන්ට්ස් (Attachments) යවන්න පුළුවන් ක්‍රමයක් Yahoo අය හඳුන්වා දීලා තියනවා.


අපි දැන් බලමු ඒක කොහොමද කරන්නේ කියලා. (සමහර විට ගොඩක් අය දැනටමත් දන්නවා ඇති). ඉස්සෙලාම ඔයාලගේ Yahoo මේල් එකට යන්න. දැන් පහළ වම් කෙළවරේ Applications යටතේ ඇති ".io Attach Large Files" කියලා ලින්ක් එකක්. ඒක ක්ලික් කරන්න. දැන් "I Agree" ක්ලික් කරන්න.


දැන් පහත පරිදි Application එක විවෘත වේවි.

දැන් "Get Started Now" ක්ලික් කරන්න.



ඊට පස්සේ එන වින්ඩෝ එකෙන් "Select Files" කරලා අවශ්‍ය ෆයිල්ස් එකතු කරලා "Upload and Compose E-mail" කියන එක ක්ලික් කරන්න.

දැන් Files අප්ලෝඩ් වේවි. ඊට පසේස් යවන්නාගේ ලිපිනය හා අවශ්‍ය නම් Subject එකක් ලබා දීලා ඊ මේල් එක යවන්න. වැඩේ ගොඩ. තාම ෂුවර් නෑ නේද? කරලම බලන්න. ඕං ගියා එහෙනම්. (ඒක නෙමේ Yahoo එකට මං කඩේ ගියා එහම නෙමේ හොඳේ. කාගේ වුනත් හොඳ දේවල් අපි බෙදා හදා ගන්න ඕනෙනේ.)

0 ක් ප්‍රතිචාර ඇත.:

  © Malaka Rathnayaka Theme by Ourblogtemplates.com 2009

Back to TOP