Sep 7, 2009

ඕනම size එකක ෆයිල් එකක් share කරගන්න ක්‍රමයක්

අපිට ඊ-මේල් එකක් යවද්දී attach කරන්න පුළුවන් files වල උපරිම size එක 10MB බව ඔබ දන්නවා. සමහර වේලාවට ඔය size එක (10MB) මදි වෙනවා නේද? මේ කියන්න යන site එක ඕනම ප්‍රමාණයේ (unlimited) file එකක් share කරගන්න ඉඩ සළසන එකක්. (මෙතනින් යන්න ඒකට - http://s4ve.as/). කරන්න තියෙන්නේ මෙච්චරයි site එකට ගිහිල්ලා ඔබට share කරන්න ඕන file එක තෝරලා දෙන්න.

දැන් upload කියන එක ඔබන්න.

දැන් ඉතින් upload වෙනකන් බලන් ඉන්න.:D (upload speed එක ඔයාලා භාවිතා කරන අන්තර්ජාල සම්බන්ධතාවය මත රඳා පවතිනවා.) upload වුනාට පස්සේ හම්බවෙනවා file එකට අදාළව link එකක්. කරන්න තියෙන්නේ share කරගන්න ඕන අයට (file එක යවන්න ඕන අයට) මේ link එක යවන එක විතරයි.

එයාලට පුළුවන් file එක download කරගන්න.(සැ: යු: පැය 24 ක් ඇතුළත file එක download කරගන්න වෙනවා නැත්නම් පැය 24න් පස්සේ එක අයින් වෙනවාලු)

2 comments:

Malaka said...

දැන් එළ.

Anonymous said...

පට්ට ලිපිය