Sep 15, 2009

How to make jump break?

ඔයාලා දන්නවත් ඇති සමහර විට, Bloggersලා (Blogspot) අළුත් feature එකක් විදිහට අපි ලිපි post කරන කොට jump break දාන්න අවස්ථාව ලබා දීලා තියනවා. ඒ කියන්නේ ලිපියේ කොටසක් මුල් පිටුවේ පෙන්නලා යටින් link එකක් දෙනවා ඉතිරි කොටසට යන්න. (දිග ලිපි ලියන කොට වැදගත්, අනික නිකන් professional වගේ) මටත් මේක කරන්න ඕන උනා. මගේ jump break හැදුවට මුලින් ඒ විදිහට වැඩ කළේ නෑ. පස්සේ කොහොම හරි හදා ගත්තා. මෙන්න මෙහෙමයි කරන්නේ. Blogger එකට log වෙලා Settings යන්න ඒකේ Global Settings යටතේ 'Select post editor' එකේ 'Updated editor' තෝරලා කරන්න.



දැන් New post editor එකට ගිහින් බලන්න editor එක වෙනස් වෙලා ඇති. (දැනටමත් Updated editor එක use කරනවානම් ආයේ කරන්න ඕනේ නෑ. දන්නවානේ) ඊට පස්සේ ලිපි ලියන කොට ඔයාට jump break එක දාන්න ඕන තැනට cursor එක තියලා 'Insert jump break icon' එක ක්ලික් කරන්න.


ඔයා HTML එකක් විදිහට හරි Old editor එකේ හරි ලිපිය ලියනවානම් ඔයාට jump break එක දාන්න ඕන තැනට මෙන්න මේ විදිහට code එක දාන්න.

<!-- more -->

දැන් හරි. දැන් publish කරලා බ්ලොග් එකට ගිහින් බලන්න හරිද කියලා. මගේ නම් මේ තැනට එනකොට ඒ විදිහට වැඩ කළේ නෑ. ඒ ඇයි කියලා බලද්දි හේතුව මං සාමන්‍ය blogger themes භාවිතා නොකර වෙනම theme එකක් use කරලා තියන නිසා. ඔයාලත් එහම නම්, වැඩ කරන එකක් නැති වෙයි. දැන් කරන්න තියෙන්නේ වැඩ කරන විදිහට හදා ගන්න එකනෙ. ඒකට edit HTML යන්න. ඊටපස්සේ Expand Widget Templates ටික් කරලා <data:post.body/> කියන එක තියන තැන හොයා ගන්න. ඊට පස්සේ ඊට යටින් මේ කෑල්ල

<b:if cond='data:post.hasJumpLink'>
<div class='jump-link'>
<a expr:href='data:post.url + &quot;#more&quot;'><data:post.jumpText/></a>
</div>
</b:if>

දාලා save කරන්න. දැන් ගොඩ. බලන්න ගිහින් මගේ නම් හරි ගියා.
තවත් දෙයක් ඔයාලට Read more වෙනුවට වෙන නමක් දාගන්න ඕන නම් Blog Posts layout edit ගිහින් Post page link text: කියන එකට කැමති නමක් දීලා save කරන්න.




5 comments:

Narada said...

එ‍ලෙළ මචං! ඔත්තුවට ස්තුතියි!

ඉන්දික said...

හොඳ ලිපියක්...ස්තුතියි කියල දුන්නට!~

Madhawa Habarakada said...

මේක නම් හොඳයි, නමුත් මම මේක කරන්න ගිහින් මගෙ ටෙම්ප්ලේට් එක සම්පූර්ණයෙන්ම ලෙඩ උනා. ඒක හදාගන්න කොහොමවත් බැරි උනා, ඉතින් මට මේක දාන්න වෙන එකක් නෑ. දුකයි, මොකද මගෙත් තියෙනව රචනා වගේ ලිපි. (පෝස්ට් එකට jump break එක දාපු ගමන් මගෙ right panel එක පහළට යනව.)

udith said...

Bohoma isthuti aluth deyak kiyala dunnata

Malaka said...

template එකේ සීන් එකක්ද දන්නෙ නෑ. හැබැයි එහම වෙන්න විදිහක් නෑ. කෝකටත් මුල ඉඳන් try එකක් දාලා බලන්න. (මුලින්ම template එක backup කරගන්න).