Sep 10, 2009

HTML/XML කොහොමද බ්ලොග් ලිපිවල ලියන්නේ?

බ්ලොග් එකේ ලිපි එහම ලියන කොට ඔයාලට සමහර විට HTML, XML එහම පාවිච්චි කරන්න වෙනවා නේද? එතකොට ඔයාලා ඒ codes එහමම ලිව්වොත් ඒ codes වෙනුවට ඒකේ output එක පෙනෙනවා නේද?
මෙන්න මේ වගේ (උදාහරණයක්):-

Malaka Rathnayaka

http://www.malakarm.blogspot.com

 

HTML code එක තමයි මේ:-
<html>
<head><title></title></head>
<body>
<h4>Malaka Rathnayaka</h4>
<h4>http://www.malakarm.blogspot.com</h4>
<body></html>


එතකොට කොහොමද මේ HTML code එක මං දැම්මේ? මම මේක එන්කෝඩ් (Encode) කරලා තියෙන්නේ. මං මේ ලිපියෙන් කියන්න යන්නේ මේ HTML/XML එන්කෝඩ් කරන්න පුළුවන් වෙබ් site එකක් ගැන.
ඒක තමයි http://centricle.com/tools/html-entities/.
කරන්නේ තියෙන්නේ ඔයාලට එන්කෝඩ් කරන්න අවශ්‍ය code එක textbox එකට කොපි කරලා 'Encode' කියන එක ඔබන එක. ඊටපස්සේ එන්කෝඩ් වුනු එක අරන් ඔයාගේ ලිපියට දාන්න. දැන් ඒ විදිහටම පෙන්වනවා නේද? තවත් දෙයක් ඔයාලට ඕන නම් decode කරන්නත් පුළුවන්. මං හිතනවා ඔයාලට මේක වැදගත් වෙයි කියලා. බ්ලොග් වලට විතරක් නෙමේ තවත් වැඩ වලට. (මේ වගේ එන්කෝඩ් කරන තවත් ක්‍රම ගොඩක් තියනවා) (මොකක්ද මේ එන්කෝඩ් කියන්නේ WikiPages1, WikiPages2)
නැවතත් ටික දිනකින්.......


3 comments:

Siribiris said...

තව ක්‍රමයක්.HTML වලට මාරුවෙල
{textarea rows="8" cols="40"} {/textarea} දාන්න. දෙන් ඕනාකරන එක code ඒ දෙක අතරට කොපි කරන්න. rows, cols වෙනස්කරලා textbox එක තමන්ට ඕන ගානාට හදාගන්න.

Malaka said...

එළ. අදහස් එකතු කළාට ස්තුතියි..බොහෝම වටිනවා

Akhila said...

තොරතුරට ස්තුතියි