Sep 8, 2009

බ්ලොග් ලිපි ආරක්ෂා කරගැනීමට ක්‍රමයක්

මට හම්බවුනා පොඩි free software කෑල්ලක් (මෘදුකාංගයක්). බ්ලොග් (බ්ලොගර් වලින් - blogger) එහම ලියන අයට ඔයාලගේ බ්ලොග් එකේ තියන ලිපි (blog posts) ගොඩක් වටිනවා නේද? මෙන්න ඔයාලගේ බ්ලොග් ලිපි ආරක්ෂා කරගන්න පුළුවන් පොඩි මෘදුකාංගයක්. මේ මෘදුකාංගය මගින් බ්ලොග් ලිපි සියල්ලම ඔයාලගේම පරිගණකයේ save කරගන්න පුළුවන්. සියළුම බ්ලොග් ලිපි වෙන වෙනම XML files විදිහට save කරනවා. software එක ස්ථාපනය කරලා වැඩ කරන විදිහට හරි ගස්සගන්න හැටි මං දැන් කියන්නම්.

ස්ථාපනය කළාට පස්සේ ඒක open කරගන්න, ඊටපස්සේ ඔය උඩ තියන window එක එනවා. [Add/Update/Remove Blogs] කියන එක ඩබල් ක්ලික් කරලා බ්ලොග් එක add කරගන්න. ඊටපස්සේ ඔය යටින් තියන window එක එනවා.

මෙතනදි ඔයාලට පුළුවන් ලිපි save කරන්න ඕන තැන (path) දෙන්න. අවශ්‍ය කරන කමෙන්ට්ස්, ලිපි ප්‍රමාණය තෝරලා දෙන්න පුළුවන්.
දැන් 'Backup Posts' ක්ලික් කරන්න. වැඩේ ගොඩ....
අවශ්‍ය නම් මෙතනින් බාගන්න (Blogger Backup Utility)

2 comments:

Siribiris said...

නියම භාණ්ඩයක්නෙ. හැබැයි කොහොමද මේ බාගත්ත xml පාවිච්චි කරන්නෙ කියලා කියා දුන්නොත්, තව දාහක් වටිනවා.

Malaka said...

'පාවිච්චි කරන්නේ' කියන්නේ මොනවටද?