Sep 11, 2009

වින්ඩෝස් වල ඉඳන් වෙබ් සයිට් බ්ලොක් කරන ක්‍රමයක්

මේ ක්‍රමය සමහර විට කියවන ඔබ දන්නවත් ඇති. ඒත් නොදන්නා කාට හෝ වැදගත් වෙතැයි ලියා මෙය ලියනවා. ඔයාලා දන්නවා මේ අන්තර්ජාලයේ විවිධ වර්ගයේ වෙබ් අඩවි තියනවා. මේ වෙබ් අඩවි අතරින් සමහර ඒවා කියවීමට හා නැරඹීමට නුසුදුසු ඝණයේ ඒවා(විශේෂයෙන් වයසින් බාල අයට). ඉතින් මේ වෙබ් අඩවි අපේ බ්රවුසර් (Browser) එකේ බ්ලොක් කරන්න ක්‍රම ගොඩක් තියනවා, බ්රවුසර් ප්ලගින්ස් (Firefox නම් Add-ons) වගේ ඒවා වලින්. මං මේ කියන්නේ වින්ඩෝස් වලින්ම වෙබ් site බ්ලොක් කරන්න පුළුවන් ක්‍රමයක් ගැන.


කරන්නේ තියෙන්නේ windows වල hosts ෆයිල් එක edit කරන එක. අපි මුලින්ම ඒක විවෟත කර ගමු. ස්ටාර්ට් (start menu) ගිහිල්ලා Run කියන එක ක්ලික් කරන්න, දැන් එකේ මෙන්න මේක notepad \windows\system32\drivers\etc\hosts ගහලා ok කරන්න. දැන් නෝට්පෑඩ්(Notepad) එකකින් ඔයාගේ hosts ෆයිල් එක විවෟත වෙයි. ඔය ෆයිල් එකේ ඔයාට බ්ලොක් කරන්න ඕන site ටික ඔය පහළ විදිහට ටයිප් කරලා save කරන්න.


දැන් හරි. ඕන නම් නිකමට ගිහින් බලන්න බ්රවුසර් එකේ මෙන්න මෙහෙම වැටෙයි
The page cannot be displayed

7 ක් ප්‍රතිචාර ඇත.:

දිසා September 11, 2009 at 5:21 PM  

එල මචන් තොරතුරට

අඅ ඔක මම කරන්න ඔනි මම නරක් වෙන්න කලින්

Anonymous,  September 11, 2009 at 6:47 PM  

මම නම් මේක ‍දැනගෙන හිටියේ නැහැ ස්තූතියි.

H. Madhawa Ranga September 11, 2009 at 7:16 PM  

මේක හ‍රියන්නෙ MSIE වලට විත‍රද? මොකද මම එතනට සයිට් එකක් දාල. chrome වලින් ගියා, ඒ උනාට බ්ලොක් උනේ නෑ.

ශාකුන්තල September 11, 2009 at 10:01 PM  

හොඳ උත්සාහයක්. ඇත්තටම ඇඩෝන - ප්ලගින් වලින් බ්ලොක් කරනවට වඩා සාර්ථකයි. වැඩි දෙනෙක් ඔය hosts ගොනුව ගැන නොදන්න අය වීමත් hosts ගොනුවට පිවිසෙන්න පුළුවන් ඇඩිමින්ලට පමණක් වීමත් නිසා මම එහෙම කිව්වෙ. නමුත් අපේ කට්ටිය මේ දවස් වල ** බලන ක්‍රමයට ඕකෙනුත් රිංගන්න පුළුවන්. ඒ කිව්වෙ අර අහවල් සර්වර් එකකිං එකකින්. ;)

Malaka Rathnayaka September 13, 2009 at 3:33 PM  

chrome වලින් මං බැලුවේ නෑ. IE and Firefox නම් වැඩ. බලමු ඒක..ඒක කිව්වට ස්තුතියි

Thejan September 16, 2009 at 10:10 AM  

මචං , vista machine වලටත් කර ගන්න හැටි කියපන් plz...

Malaka Rathnayaka September 16, 2009 at 1:08 PM  

Vista වල තියෙන්නෙත් ඔතනම තමා. හැබැයි notepad එක open කරන්න ඕන ඇඩ්මින් විදිහට (Run as administrator). ඊටපස්සේ මේ විදිහටම කරන්න.

  © Malaka Rathnayaka Theme by Ourblogtemplates.com 2009

Back to TOP