Jul 29, 2010

ඩොකියුමන්ට් කන්වර්ටර් හොයනවාද?



එහෙනම් මෙන්න නියම ඩොකියුමන්ට් කන්වර්ටර් (Document Converter) එකක්. MS Office වල වැඩ කරන කොට ඔයාලට සමහර විට වර්ඩ් ෆයිල්ස් convert කර ගැනීමේ අවශ්‍යතා මතු වෙනවා නේද? ඒ කියන්නේ (.docx -> .doc , .docx -> .pdf , .doc -> .pdf) වගේ පරිවර්තන කර ගන්න. බොහෝ විට MS Office 2007 වර්ඩ් ෆයිල් එකක් (.docx) MS Office 2003 වලින් විවෘත කර ගැනීමට අවශ්‍ය වූ විට හා MS Office 2003 වර්ඩ් ෆයිල් එකක් ඒ කියන්නේ .doc ෆයිල් එකක් pdf කර ගැනීමට අවශ්‍ය වූ විට මෙම ඩොකියුමන්ට් කන්වර්ටර්ස් වැදගත් වේ.



Read more...

Jul 14, 2010

Excel පිටුවක සිට tweet කරමු.

ට්විටර් (Twitter) ඇබ්බැහි වූවන් සඳහාමයි.
ඔයාලා දන්නවත් ඇති Facebook වගේම Twitter එකත් දැන් එන්න එන්නම ජනප්‍රිය වෙනවා. (දැක්කනෙ IIFA එකෙත් පොඩි event එකක් තිබුනා.) හැබැයි තාම ලංකාවේ ඒ තරම්ම ජනප්‍රිය නෑ. නැත්තෙත් නෑ. ට්විටර් ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් twitter-guide එක කියවන්න. ඔය tweet කරන්න පුළුවන් ක්‍රම ගොඩාක් තියනවා. කෙලින්ම Twitter වෙබ් පිටුවට ගිහින් පුළුවන්, Firefox වගේ බ්රව්සර් එකකට add-on (-Echofon වගේ තවත් ඒවා තියනවා-) එකතු කරගෙන පුළුවන්, ඩෙස්ක්ටොප් ඇප්ලිකේෂන් වලින් පුළුවන්. වැඩිපුරම වගේ මොබයිල් ෆෝන්ස් වලින් පුළුවන්. ඔය වගේ තව ක්‍රම ගොඩක් තියනවා. (දැන් Dialog එකත් sms වලින් tweet කරන්න අවස්ථාව ලබා දීලා තියනවා. හැබැයි sms වලින් tweet කරලා සල්ලි නැති කරගන්න එපා බොරුවට.)

Read more...

Jul 11, 2010

10MB ට වඩා ඇටෑච්මන්ට්ස් සමග ඊමේල් යවමු


ආයුබෝවන්! ගොඩක් දවසකින් බ්ලොග් එක ලියන්න පටන් ගත්තෙ නිසා ඔන්න දැන් එක දිගටම ලියනවා. අද කියන්නේ ඊ මේල් කතන්දරයක්. ඔයාලා දන්නවා ඉස්සර අපිට ඊමේල් එකක් එක්ක එකතු කරලා ඒ කිව්වේ ඇටෑච්(Attach) කරලා යවන්න පුළුවන් උපරිම ෆයිල් සයිස් එක 10MBනේ. අද වෙනකොට අන්තර්ජාලයේ නොමිලේ සේවා සපයන්නන් අතර(Hotmail, Yahoo, Gmail වගේ) ලොකු තරගයක් ඇති වෙලානේ තියෙන්නේ. හැම සේවා සපයන්නෙක්ම බලන්නේ අළුත් දෙයක් මිනිස්සුන්ට දීලා තමන්ගේ සයිට් එකට ඇඳලා ගන්න. ඔන්න ඒ නිසා ඔය ඊ මේල් එක්ක 10MBට වඩා වැඩි ධාරිතාවක් සහිත ඈටෑච්මන්ට්ස් (Attachments) යවන්න පුළුවන් ක්‍රමයක් Yahoo අය හඳුන්වා දීලා තියනවා.

Read more...

Jul 10, 2010

KIT සිම් එකෙන් අන්තර්ජාලයට පිවිසෙමු.

වර්තමානයේ බොහෝ දෙනා අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට එනම් අන්තර්ජාලයට පිවිසීමට යූ.ඒස්.බි. මොඩම් භාවිතා කරනු ලබයි. සේවා සපයන ආයතන වලින් (ඩයලොග් මොබිටෙල් වැනි) මෙම මොඩම් සමග නොයෙකුත් වර්ගයේ පැකේජ ලබා දෙයි. නමුත් ටික කාලයක් යන විට මෙම පැකේජ වල බිල් ගෙවීමට නොහැකිව බොහෝ දෙනා ඒවාට පොලු තිබීම සුලභ දෙයක්. මෙන්න මේ පොලු උදවියට හා පැකේජ මිල දී ගත නොහැකිව ලත වෙන අයට කිට් සිම් එකකින් අන්තර්ජාලයට පිවිසිය හැකි විදිහ කියන්න තමා අද මේ සෙට් වෙන්නේ.
පළමුවෙන්ම සිම් එක මොඩම් එකට දාලා සෙට් කරගන්න. ඊට පස්සේ ඒක කම්පියුටර් එකට ප්ලග් කරන්න. දැන් මොබයිල් පාට්නර් එක ඕපන් උනාද බලන්න. නැත්නම් ඒක ඕපන් කර ගන්න.
අපි මුලින්ම කරන්න ඕන නෙට් යන්න පුළුවන් විදිහට කිට් සිම් එක ඇක්ටිව් කර ගන්න එක. ඒ සඳහා පහළ පින්තූර වල පෙනෙන පරිදි Text -> New Message ගිහින් KBB කියලා type කරලා 678ට send කරන්න.













Read more...

  © Malaka Rathnayaka Theme by Ourblogtemplates.com 2009

Back to TOP